Sunday, December 20, 2015

"මැව්වාද කව්රු ප්‍රේමේ මේ හින දීන ලෝකේ"


                                                 ඒ ශ්‍රී ලාංකීය සරළ ගී සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් වූ 60- 70 දශකයි.ගායක එච්.ආර්. ජෝතිපාල,ඡේ. ඒ. මිල්ටන් පෙරේරා බඳු ගායකයන් ඒ යුගය සිය හඬ මාධූර්යයෙන් ඔපවත් කරද්දී ගේය පද කලාවට එවැනිම මෙහෙවරක්‌ කළ ගීත රචකයන් සුලභ නොවීය.ඇලෝයි ගුණවර්ධන එබඳු ගීත රචකයෙකි.

කොටහේන හිල් වීදියේ පදිංචිය අතහැර රාගම ප්‍රදේශයේ සුන්දර පරිසරයක පදිංචියට යාමත් සමඟ  ඒ ගැමි පරිසරය ඇලෝයිගේ සිතේ නැවුම් හැඟුම් ඇති කළා වන්නට ඇත . ඒ හැඟුම් කවි හා ගී පද ලෙස  ඔහුගේ පන්හිඳෙන් සටහන් විය..කොටහේනේ කුමාර සහ ගුණානන්ද විදුහල් වලින් අධ්‍යාපනය ලද ඇලෝයි නිවේදන, ගායන, කවි, නාට්‍ය සහ ගී පද රචනය වැනි කලා අංශයන්ට දස්කම් පෑහ ..1952 දී පමණ සිට කොටහේන හිල් වීදියේ මහවත්තේ ‘රත්තරන් පොත’, ‘ඇස් දෙක’, ‘කාගෙද පුටුව’ යන නාට්‍ය සහ වෙසක් නාට්‍ය ආදිය රචනා කර රඟ දැක්වූ අතර ,  1976 දී ලයනල් වෙන්ඩ් රඟහලේ එළිදැක් වූ ‘තාත්තයි පුතයි මමයි’ වේදිකා නාට්‍ය හා  ‘දකුණේ සිද්ධාර්ථ’ නාට්‍යයටත් රචනයෙන් ඇලෝයි ගුණවර්ධනයන් දායක වුහ.ඔහු නිර්මාණය කළ හැම වේදිකා නාට්‍යයකම ගීත රචනා සියල්ල ස්වතන්ත්‍ර නිර්මාණ විය .

    ඇලෝයි කලා ලොවට පිවිසියේ මිල්ටන් පෙරේරාගේ පියා වූ තබ්ලා පොඩි අප්පුහාමිට අයත් සින්දු කාමරයෙනි. කොටහේනේ සින්දු කාමරය මිල්ටන් පෙරේරා, ජෝතිපාල ඇසුර පසුකාලයේ දී මොවුන් තුන් දෙනාටම කලා ලොවේ ජය කෙහෙළි නැංවීමට මහඟු තෝතැන්නක් විය.මිල්ටන්ගේ පියාගේ සින්දු කාමරයේදී ඇලෝයිට ජෝතිපාල, රූපසිංහ, මොහොමඩ් ගවුස් සහ එඩී මාස්ටර්ලා වැනි සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේය .එය ඔහුගේ කළා දිවියට මහත් අත්වැලක් විය .

                   ප්‍රථම වරට ඇලෝයි ගුවන් විදුලියට ගීතයක් ලියුවේ ඔහුගේ  හොඳම මිතුරා වූ මිල්ටන් පෙරේරාටයි . ගුවන් විදුලියේ ස්වදේශීය සේවයට මිල්ටන් ගැයූ ‘මට ආලෝක පෑ මාගෙ පියේ’ සහ ‘දී මා හදෙහි ඔබ ආදර ගුණ’ ගීත දෙක තමයි ඒ. ඒත් පසුව මිල්ටන් ගුවන් විදුලියේ වෙළඳ සේවයට ගායනා කරපු ‘ආලේහි බැඳී ජීවිත’ ගීතය අලෝයිගේ සහ මිල්ටන්ගේ මුල්ම ගීතය ලෙස සැළකේ . මේ ගීතයෙන් පසුව ඇලෝයි ගී පද රචකයෙකු ලෙසත්  මිල්ටන්ව ගායකයෙකු ලෙසත් මේ රටේ ගීත රසික රසිකාවන් හඳුනා ගත්තේය .1956 වසරේ  සින්දු කාමරයේ දී දැන හඳුනාගත් පසුව ගජ මිතුරකු වූ ජෝතිපාලයන්ගේ පළමු ගුවන් විදුලි ගීතය රචනාව  කිරීමේ වාසනාවටද  හිමිකම් කියන්නේ ද ඇලෝයි ය. ඒ එදත් අදත් පෙම්වතුන්ගේ දෙතොල මිමිණෙන ‘මුලදි බැන්ද ආදරයක මිහිර දැන්’ය.පසුව හරූන් ලන්ත්‍රා, මොරිස් දහනායක, වසන්තා සන්දනායක, මොහිදින් බෙග්, සරත් සන්දනායක, ජී.එස්.බී. රාණි පෙරේරා, සුමිත් අහංගම වැනි ගායන ශිල්පීන් රැසකට ගී ලියූ ඇලෝයි ගීත ලෝලීන් අතර පුරා දසක ගණනාවක් ජනාදරයට පත් විය.

                          ‘සිඟිති සුරතල්’, ‘කොළඹ හාදයෝ’, ‘සුදුසු දා’, ‘මිරිඟුව‘ ඇතුළු එදා රිදී තිරය බැබළවූ චිත්‍රපට රැසකට රසාලිප්ත ගී රචනා කළ ඇලෝයි සිනමාලෝලීන්ගේ අදෘශ්‍යමාන ‘ආදරවන්තයා’ බවට පත්ව සිටියේ ය. බොහෝ දෙනකු ඔහු ලියූ ගීවලට ඇලුම් කළත් නමින් හෝ ඇතැම් විට රුවින් ඔහුව හඳුනාගත්තේ ටික දෙනෙකි.ජෝතිපාල ගයන ‘මුලදි බැන්ද ආදරයක’, ‘පණවාගෙ හිටියාට’ ‘පායා ඇයි හිනැහෙන්නේ’ ‘පිළිගන්න මම චන්න’, පෙරදා එක්වී ගී ගයමින්’,'ඇයි දැන් එපා වෙලා’, ‘මගෙ ජීවිතයේ සතු වී’, ‘සසරේ පිපාසේ’, ‘සුගත ලෝනා සම්බුද්ධ රාජා’, ‘පෙර දිනක එදා’, ‘හැන්දෑවෙ මං’ මිල්ටන් පෙරේරා ගයන ‘ඔබේ ප්‍රේම නගරේ’, ‘අහන්න මගෙ හොඳ පුංචි පුතේ’, අතීතේ උන්න හැටි දෙන්නා’, සුමිත් අහංගම ගයන ‘සුවඳයි මුවේ මල් පැණි’, ධර්මදාස වල්පොල ගයන ‘ජීවිතේ ප්‍රීති සංසාරෙකී ලොවේ’, සුනිල් ප්‍රේමරත්න ගයන ‘මං ආදරෙයි ඔබට මනමාලියේ’, ‘ආදරේ මට නැහැ කියා’, මොහිදින් බෙග් ගයන ‘පුංචි පුතේ පුංචි දුවේ’ ‘ඔබ එනව බලා පැල්පතට වෙලා’, ඇන්ටන් රුද්‍රිගු ගයන ‘සිංහල ඉතිහාස පොතේ, හරුන් ලන්ත්‍රා ගයන ‘රත්තරන් කූඩුවේ’, මැව්වාද කව්රු ප්‍රේමේ’ එකසේ ජනප්‍රිය ගීත රැසක් ඇලෝයි ගුණවර්ධනයන් අතින් රචනා වී ඇති බව දන්නේ කිහිප දෙනෙකි.

                           එමෙන්ම ගී පද රචකයෙකු ලෙස තමාගේ නිර්මාණ වල අයිතිය වෙනත් ගී පද නිර්මාණ කරුවන්ගේ නම් යොදා ගනිමින් විද්‍යුත් මාධ්‍ය මගින් කරන ලද අසාධරණය නිසාවෙන් ඇලෝයි ගුණවර්ධනයන් බෙහෙවින් කම්පා විය . එදිනෙදා රසිකයන්ට පැහැදිලිව තේරුම් ගෙන රස විදිය හැකි ජනප්‍රිය සරල ගී පද රචනා කල, අහන්න, විඳින්න පුළුවන් ගේය පද  නිර්මාණ ගණනාවක්ම සිංහල ගී පද රචනා සාහිත්‍යයට දායාද කල ඇලෝයි ගුනවර්ධනයන් ද ඔහුගේ නිර්මාණ මිස රචකයා ඉස්මතු නොවී අප හැරදා ගියේ ය..ඔහු එලෙස අපෙන් සමුගත්තේ ජීවත්ව සිටියදී ජෝතිපාල මෙන්ම කිසිදා කිසිවකුගේ ඇගැයීමකින් තොරව වීම ඛේදනීය කරුණකි.

♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪
මගෙ අත ඔබට හැර

මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා

සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්

මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ
එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කදේ
සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය -මොහොමඩ් සාලි
ගායනය - එච් ආර් ජෝතිපාල
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
ආලේහි බැඳී

ආලේහි බැඳී ජීවිත අඳුරෙහි ගැලේවී
සැමදාම ලොවේ නෑ සැප ශෝකයම සදාවී...
ආලේහි බැඳී

ලැබූ ජිවිතේ සුළු දේකි ඔබ ඇයි රස වින්දේ
වැනසී යන මායාවකි එය නොලැබෙයි දුන් දේ
පුදුමෙකි රජුන් කිවිඳුන් පඬිදුන් හා සමගා
දණ නමති ලොවේ මේ බිහිසුණු ආලය හින්දා
මේ ආලය හින්දා ...

ඉරි තැලුණු හැදින් වැගිරුණු ලේ බිඳුවැල් මත හා
කෝ සොඳුරු බවක් මේ ප්‍රේමය මුසුවුන තැන හා
මේ ආලයමයි කෙනෙකුගේ සුරසැප ගෙන දෙන්නේ
මේ දේම තමා ජිවිත ගණනක් වනසන්නේ
ජිවිත වනසන්නේ ...

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය -මොහොමඩ් සාලි
ගායනය - ජේ ඒ මිල්ටන් පෙරේරා
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
අහන්න මගේ හොඳ පුංචි පුතේ

අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ

වැදූ මවත් ඔබ දිනූ බිමත්
රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ
එපා නමන්නට අයුක්තියට හිස
යුතුකම සුරකිනු පණ වාගේ

ඔබේ නම පතලව මහ වියතෙක් වී
තිබුනත් වස්තුව පිරීතිරී
ලෝකයෙ ඔබ කොයි මුල්ලක සිටියත්
මැරෙන්නේ ලක්බිම දෙසට හැරී

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය -මොහොමඩ් සාලි
ගායනය - ජේ ඒ මිල්ටන් පෙරේරා
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
සුගත ලෝනා

සුගත ලෝනා සම්බුද්ධ රාජා
සුගත ලෝනා සම්බුද්ධ රාජා
ශ්‍රීපද පත්මේ පුදනේමී පුදනේමි
දී භක්ති පූජා...දී භක්ති පූජා....
සුගත ලෝනා සම්බුද්ධ රාජා

භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රජ සම්පත හැරදා නික්මී ගියා...
භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රජ සම්පත හැරදා නික්මී ගියා...
පාමීදම් පුරා ඝෝර මරසෙන් නසා
බෝධිමූලේ වෙසගේ බුදු වූ නියා

තුන් ලෝකය පිබි දී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී
තුන් ලෝකය පිබි දී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී
අහස දෙදෙරා ගියා පොළොව ගුගුරා ගියා
ශාක්‍ය රජ මේ වෙසගේ බුදු වූ නියා

ගී පද - ඇලෝයි ගුණවර්ධන
ගායනය - එච් ආර් ජෝතිපාල
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
රත්තරන් කූඩුවේ

රත්තරන් කූඩුවේ ඉන්න රන් කිරිල්ලියේ
දැන් ඔයා‍ගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
සුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි 

කුරුලු ජීවිතේ රහා දැන් ඔයාට මතක නෑ
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ
විලඳ මී පැණී අමා කිරිදියෙන් කවා පොවා
මේ බලන්න මා සිටින්නෙ රන් විමානයේ

මල් විනෝද බල බලා ඈත අහසෙ පියඹලා 
ගී ගයන්න එන්න යන්න රන් කිරිල්ලියේ
විලඳ මී පැණීන් අනා කිරි දියෙන් කවා පොවා  
මේ බලන්න මා සිටින්නෙ රන් විමානයේ 

ගී පද - ඇලෝයි ගුණවර්ධන 
සංගීතය - ප්‍රේමසිරි කේමදාස  
ගායනය - හරුන් ලන්ත්‍රා සහ විජිත කුසුම් ලියනගේ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
ඇහැලපොලගේ පුංචි පුතා

ඇහැලපොලගේ පුංචි පුතා
මද්දුම බන්ඩාර යන නාමේ
මද්දුම බන්ඩාර යන නාමේ

සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
එඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුනා
බෝගම්බර නුවර වැවේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කදුළු වලින් අප සොකය නිවෙනවා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා

ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්මා සමග දරු තුන්දෙනෙකුට මරණය හිමි කරා
සිනා වෙලා අම්මා ආ මද්දුම වීරයා
මැරෙනා සැටි මම පෙන්නන්නම් අයියන්ඩියෙ කියා
මම අයියන්ඩියෙ කියා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා

යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගාලයා
මරනෙට බයවී අයියා අම්මා ලගට පැන ගියා
ඒ රජාගේ කෘර ගතිය ලෙයින් පෙන්නලා
මද්දුම බන්ඩාරගෙ හිස කඩුපහරින් වෙන් කලා
කඩුපහරින් වෙන් කලා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා

මද්දුම බන්ඩාරගෙ පොඩි පුංචි නංගි දෙස බලා
වංගෙඩියක දා කොටන්න ඒ රජිදා අණ කලා
ඒම හිතක් ඒම නැතත් ඉතිහාසෙම නෑ අනේ
පියාගෙ නම රුක ගන්නට පුංචි පුතෙන් බිහිවුනේ
පුංචි පුතෙන් බිහිවුනේ

ගී පද - ඇලෝයි ගුණවර්ධන 
ගායනය - ඇන්ටන් රුද්‍රිගෝ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
පුංචි පුතේ පුංචි දුවේ

පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ

සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ...

රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ...

ගී පද - ඇලෝයි ගුණවර්ධන
ගායනය - කලාශූරී මොහිදින් බෙග්
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
මැව්වාද කව්රු ප්‍රේමේ

මැව්වාද කව්රු ප්‍රේමේ මේ හින දීන ලෝකේ
ප්‍රේමේ සිතේ සිඳීලා ඇයි මේ දුකක් විඳීලා

පිරිසිදු උදාර ප්‍රේමේ කුමටද දෙවියනි මැව්වේ
මැව්වාද කව්රු ප්‍රේමේ මේ හීන දීන ලෝකේ 

අවිනීත කෲර මිනිසා එළවයි අනංග දෙවියා
එක සිත නැති මිනිසුන් මේ ප්‍රේමය නැත හඳුනන්නේ

සාළිය අශෝකමාලා රාමා කුමාර සීතා
සකුන්තලා දුශ්මන්තා පෙමින් එදා ජය ගත්තා
මැව්වාද කව්රු ප්‍රේමේ මේ හීන දීන ලෝකේ 

බැරි වුනහොත් මේ ලොවේ අපි හමුවෙමු එන භවේ
ස්ථිර නිකැළැල් ප්‍රේමේ අගේ සමාජෙට නොදැනේ

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පි එල් ඒ සෝමපාල (ද්‍රවිඩ තනුවකි )
ගායනය - හරුන් ලන්ත්‍රා-විනෝදනී
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
අම්මා අමා අමොද කරුණා නිධානේ

අම්මා අමා අමොද කරුණා නිධානේ
ඔබගේ මුවින් පෑදුණා...

මේ ඔබගෙ පා යුවළ යට පෑගෙනා
දූවිලි වාගෙයි මගෙ චේතනා
පාළුව හා සෝක දුක් වේදනා
අම්මා ඔබගෙන් සේදී ගියා

ආදර සාගරය ඔබගේ තමා
ජීවිතේ මී විතට ගෙන දුන් අමා
මා හදේ මල් යහනා මැවේ
අම්මා ඔබගෙ සුවඳ සොයා

අම්මා... අම්මා... අම්මා...

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පි එල් ඒ සෝමපාල
ගායනය - වී. වර්ධරාජා
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
සුවඳයි මුවේ මල් පැණී

සුවඳයි මුවේ මල් පැණී
නෙතගින් හැලේ නිල්මිණී
මා ජීවිතේ පණ වැනී
නැලවෙන් දුවේ රෝෂිණී

අම්මා නුඹේ කිරට ගියා
කිරි එරවා එන්ට ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් කොක්කු ගියා

ඔන්න බබෝ ඇතින්නියා 
ගල් අරඹේ සිටින්නියා 
ගලින් ගලට පනින්නියා 
බබුට බයේ දුවන්නියා 

අතට වෙරළු ඇහිඳ ගෙනේ 
ඉනට පලා නෙලා ගෙනේ 
බරටම දර කඩා ගෙනේ 
එයි අම්මා විගසකිනේ

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - ශාන්ති දිසානායක 
ගායනය - සුමිත් අහංගම 
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
මගේ ජීවිතයේ 

මගේ ජීවිතයේ සතුවී තිබූ දෙයක් 
මා ඇසුරෙන් වෙන්කෙරුවා 
මගේ ජීවිතයේ සතු වී ....

මිහිරි සුවේ ලැබූ පෙම් මාලිගයේ 
කුළුණු කඩා අමු සොහොන කලා 
රත් කෙරු ආලයේ උණු ලේ වගුරා 
මගේ හදවත අද පලුදු කලා 
කෝ ඔබේ අත මා හට දුන්නේ ඒ 
කෝ ඔබේ අත මා හට දුන්නේ ඇයි 
එය වෙන අතකට ගත්තේ 
ඒ අතින්ම මැවූ මගේ අවසානේ 
අන්තිමයක් ඇයි නොකළේ 

ප්‍රේමේ පෙන්නා දුන්නා ඔබ නම්
සොඳුරී එහි අවසානේ 
මේකද මේ අසරණ ජීවිතයේ 
ඔබ පෙන්නූ සුභ සිහිනේ 
නොමැරේවී මගේ පන ඔබ නැති තැන 
මගෙ මැණිකා සීදේවී 
එන්කෝ සුදා ඇයි ඉන්නේ බලා ඔබෙ 
අයිතිය මටමයි ප්‍රේමේ 

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පි එල් ඒ සෝමපාල (හින්දි තනුවකි)
ගායනය - එච් ආර් ජෝතිපාල
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
පුෂ්ප පිපි ලස්සන දේ

පුෂ්ප පිපි ලස්සන දේ 
මන්ද මාරුතේ හමා 
සැන්දෑ කාලයේ 
වසන්ත රූප රාජනී 
නොයෙක් දෙසින් පෙනේ 

තුරුලිය පේලි ගැසිලා විනෝදනී 
මනහර දර්ශන දේ සුප්‍රබෝදිනි 
සිරිබර නයන දිලි නයන මෝහිනී 
සැරසිලි කරනු පෙනේ අවර අම්බරේ 

කෝකිල ගීත ඇසේ මිහිරි නොදෙවෙනි 
ශෝබන ලෝකයෙහි සිරිය පෑදුනි 
පිනිබර මුහුණු වලින් කුමුදු රාජනී 
පෙර පින් ශ්‍රව්‍ය මුවින් රුවට පෑදුනි 

ගී පද - ඇලෝයි ගුණවර්ධන
ගායනය - ඒ එම් යු රාජ්
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
පණ වාගෙ හිටියාට

පණ වාගෙ හිටියාට වෙන්වීලා ගිය දාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය එහෙනම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකෙ සදා
ඇයි මෙහෙම ශෝකෙ සදා

ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුල දී මගෙන්
හදවත පළලා උණු ලේ දහරෙන්
කඳුළෙන් සුසුමෙන් මා මියයන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා

ස්ථිර ආලයට මරණෙත් සැපක් නම්
මා ජීවෙ සැපතක් ඉන් ලැබ ගන්නම්
නොසිතුව දේ වේවි වළකන්න බැහැනේ
කඳුළෙන් සුසුමෙන් මා මියයන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පි එල් ඒ සෝමපාල (ද්‍රවිඩ තනුවකි )
ගායනය - එච් ආර් ජෝතිපාල
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
රඟපාන ඔබ කවුද

රඟපාන ඔබ කවුද සුකුමාලියේ 
බඳ නලවාලා ලෙළවාලා කුල්මත් කලේ 

පෙම් ලෝකේ අභිසේක ලැබුවාද රහසේ 
ඔබ නේද දේවි නැට්ටුන් කලාවේ 
අනුරාග නිලියේ කදිමයිනේ මුහුණේ 

ඉඳුනිල පටසේල දිලිසේවි ලෙළදී 
සිරියාව හින්දා ලියලාවී ආලේ 
රඟදෙන්න නිළියේ 
සනසන්න ලෝකේ ...

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පි එල් ඒ සෝමපාල 
ගායනය - වී වර්ධරාජා 
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
පිළිගන්න මම චන්න 

පිළිගන්න මම චන්න ඇමති වෙමී 
මා එක්ක ගියේ ඊයේ සිදුහත් හිමි 

පන වාගේ රජදේවි අඬවා තියා 
සිතුවාද හොර රහසේ යාවි කියා 
නොබලාම අර පුංචි කුමරා දිහා ..

අසු ගංගා තිරේදී හැපිලා මලා 
රජ ගේම අමු සොහොනක් වාගේ වෙලා 
පිළිගන්න බෑ ගෑනු කියනා කතා 

ගී පද - ඇලෝයි ගුණවර්ධන
ගායනය - එච් ආර් ජෝතිපාල
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
පායා ඇයි හි‍නැහෙන්නේ

පායා ඇයි හි‍නැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති
පායා ඇයි හි‍නැහෙන්නේ

ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ

වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්ති

ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුලැලි නැති විටදී
ඕනැ නැ දියමන්තී

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පි එල් ඒ සෝමපාල (හින්දි තනුවකි)
ගායනය - එච් ආර් ජෝතිපාල
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
ජිවිතේ ප්‍රීති සංචාරෙකි

ජිවිතේ ප්‍රීති සංචාරෙකි ලොවේ 
ගමන මිහිරියි රසයි විනෝදයි 
සිත දිවා රෑ රැදෙයි සුවේ 

අහසේ පාවෙන සුනිල් වලා 
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා 
රහස කොඳුරයි හැබැයි නොතේරෙයි 
යන්න හිතෙනවා ඉගිල්ලිලා 

නාරි ලතා ලීලා පාලා 
තාලෙට මිහිලිය නලවාලා 
නාමලේ සුවඳේ එතීලා 
ආව බව පෙනුනා ...

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - ආර් ඒ චන්ද්‍රසේන 
ගායනය - ධර්මදාස වල්පොල 
(කොළඹ හාදයෝ චිතරපටිය - 1966 )
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪

                                             ඇලෝයි ගැන ප්‍රචාරය වුන වීඩියෝ පටයක්
"ගීත ටික මෙන්න "

♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
ප.ලි
අහම්බෙන් බුකියේදී නෙත ගැටුණු ලිපියක් නිසා ඇලෝයි ගුණවර්ධනයන් ගැන සඳහන් කරන්න හිතුනා .
නිවැරදි කරන්න වුවමනා තැන්, වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න ...

52 comments:

  1. Lanka Radio ගෙන එන මේ රසබර ලිපියේ විස්තර සමග ගීත වලට සවන් දෙන්න මේ මස 26-27 දා ලංකාවේ වේලාවෙන් සවස 05:30 සිට 07:30 දක්වා
    26 වෙනිදා http://stream.radiodarmstadt.de/popup/radar-play.html
    27 වෙනිදා ලංකාවේ වේලාවෙන් සවස 05:30 සිට 07:30 දක්වා http://www.multicult.fm/player (ඔබට ඔබගේ දුරකතනයෙන් පවා සවන් දිය හැක )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට මේ ලබා දෙන සහයෝගයට ...
      (මිට පෙර පළවූ සි ටි ප්‍රනාන්දුගේ සහ ගලගෙදර හක් ගැනත් Lanka Radio හි විකාශනය වුනා )

      Delete
  2. මෙහෙම පදරචකයෙක් ඉන්නවා කියා දැන ගත්තේ ඔබේ මේ ලිපිය කියවීමෙන්,
    ඔහුගේ ගීත කොතරම් ජනප්‍රිය උනත් එයින් ප්‍රසිද්ධියට පත්වන්නේ ගායකන් පමනයි.ඔහුන් අප අතරින් සමුගත් පසු කොතරම් අගය කලත් පලක් නැත...
    සුබ නත්තලක් ඇනෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් ..හැමදාම ගීතයක මතුවෙලා ඉන්නේ ගායකයා විතරයි බොහෝ දුරට ..ඔබටත් සුභ නත්තලක් වේවා !!

      Delete
  3. වෙනදා වගේම තමයි මචෝ කියන්න වෙන්නේ.පලමුවෙනි එක තමයි උඹ ගොඩක් මහන්සි වෙලා මේ වගේ විස්තර හොයාගෙන හැම දවසකම පොස්ට් එකක් දානව.ඇලෝයි ගුණවර්ධන කියන පදරචකයා ගැන මෙතරම් විස්තර දැනගත්තෙ උඹේ මේ පොස්ට් එකෙන්..

    (උඹ කොමන්ට් කරපු සිසිර දිසානායකගේ ‘අතුරු මිතුරු’ cd එක හෙව්වා බං.තවම හමුවුනේ නෑ)

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි මනෝ ...මම ගොඩක් උත්සහ කරන්නෙත් මේ වාගේ අපේ මතකයෙන් ඈත් වෙලා ඉන්න කලාකරුවෝ ගැන විස්තර ලියන්න මචෝ ..
      සිසිර දිසානායකගේ ගීත ටික ගැන මමත් ඔහුගෙන් විස්තර අහලා තියෙන්නේ .බලමු හොඳ ප්‍රතිචාරක් ලැබෙයිද කියලා ..
      ජයවේවා !!!

      Delete
  4. ඇනෝ මචෝ..
    මං මේ පොස්ට් එක ප්‍රින්ට් කරගත්තා.. පොඩි වැඩටකට ...

    ඉස්තරම් විස්තරයක්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ ඒක පොඩි වැඩක් වෙන්න බෑ ...අපිටත් කියමු බලන්න
      ස්තුතියි මචෝ ..
      ජයවේවා !!!

      Delete
  5. හුඟක් ඈත අතීතයට හිත ඇදී ගියා. ඩ්‍රයි බැටරි රේඩියෝ වලින් ගුවන්විදුලියට සවන් දුන්න කාලේ මතකයට ආවා. සින්දුවක් අහලා ඒ හඬේ මිහිරි බවවත් අවබෝධ කරගන්න තරම් බාලකාලයට මනසින් ගියා. බොහොම පින් සින්දුවෝ, මේ ලිපියට.

    ඉස්සරහට තව ගොඩක් ලියන්න දේවල් මතක් කරන්න මට ඊ මේල් එකක් එවන්න.

    wmjgslsr@gmail.com

    ReplyDelete
    Replies
    1. විචා ,මම හැමදාම බලාගෙන ඉන්නේ ඔබගේ කොමෙන්ටුව වැටෙන කල් ..මොකද ඔබලාගේ කාලයේ හිටිය කලාකරුවෝ ගැන අපි දන ගන්නේ පුවත්පත් ,පොත් ,සඟරා වලින් .එත් ඔබතුමා අපිට වඩා පින් කරලා තියනවා මේ නිර්මාණ බිහිවුන කාලයේම ඒවා රස විදින්න හැකි වීම ගැන ..මම මේලක් දාන්නම් ...
      බොහොම ස්තුතියි ..
      ජයවේවා !!!

      Delete
  6. කාලයක් තිස්සෙ හරිම ආසාවෙන් රස විඳපු ගීත රැසක් නිර්මාතෘ අද හොයාගත්ත. බොහෝ ගී නිර්මාණ කරුවන්, ලෝකයට ඔවුන්ගේ නමවත් නිරාවරණය නොවී, නමුත් ලෝකයට මහා සම්පත් දායාද කරල නිහඬවම ලෝකයෙන් සමුගන්නවා.මේක හරිම ඛේදනීයයි.

    ReplyDelete
    Replies
    1. //මේක හරිම ඛේදනීයයි// ඊට වැඩ ඛේදනීයයි මෙවැනි සටහන් හැමදාම මෙතන ලියන එක මනෝ ...
      ජයවේවා !!! (අලුත් පොස්ටුව කවදද ? )

      Delete
    2. ඛේදවාචකය මේව ලියන එක නෙවෙයි බං, මෙහෙම ලියන්න සිද්දවෙන එකයි. අමාරුවෙන් කමෙන්ට් එකක් කෙටුව මෙතන. ඒක රාහු ගිල්ල.ඒ විස්තරේ කතාකරපු වෙලාවක කියන්නම්කො.

      Delete
    3. ඒ ගමන පත්තරයා කොමෙන්ට් ගිලින්නත් පටන්ගෙනද ? ,,,බොරු කියන්නේ නැතිව කොටපිය ආයෙත් කොමෙන්ටුවක් අර ජංගම වයිෆයි එක තියනවානේ ...

      Delete
    4. ඒ කෙමනෙන් තමා බං මේ කොටන්නෙ. ගහන එක නෙවෙයි ටයිප් වෙන්නෙ, සියපාරක් විතර වැරදි වැරදි ලියල අන්තිමේ පබිලිස් කරන්න හදනකොට මූ මට කොකෙක් පෙන්නනවා.

      මොකද්ද බං පත්තරයගෙයි රාහුගෙයි අතර තියෙන සම්බන්ධෙ??

      Delete
    5. //මොකද්ද බං පත්තරයගෙයි රාහුගෙයි අතර තියෙන සම්බන්ධෙ//
      අය්යෝ බන් ඒකවත් දන්නේ නැද්ද ? එහෙනම් වැඩක් නැ ,,,,

      Delete
  7. හැමදාම වගේ කියන්න තියෙන්නේ මේ මහන්සියට අපේ ගෞරවය.

    මේ ලියලා තිබුන සටහනේ සිංදු තුන හතරක්ම හොද හුරු පුරුදු ඒවා. ඒත් ගායකයා ඇරෙන්න අනිත් විස්තර දැනන් හිටියේ නෑ. ලිවුවේ කවුද කියලා දැන ගත්තේ මේ සටහනෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ් ..ගොඩක් කාලෙකින් වාගේ දැක්කේ .හැමතැනම ගායකයා පමණයි ස්මතුවෙන්නේ.අනික දැන් තියන මාධ්‍ය මගින් කිසිම සඳහනක් කරන්නේ නැනේ ගීතය ගායනා කරන්නේ කවුරුද කියලාවත්.තව ටික දවසකින් ගායකයාගේ නම දැනගන්නත් වෙන එකක් නැ ..
      ජයවේවා !!!

      Delete
  8. ඒ කාලේ සුපිරි සින්දු ටිකක්. ඔය මුලදී බැඳ ආදරයක සින්දුව හෙම චාරිකා යනකොට අනිවාර්යයෙන්ම ගයෙන් එකක්.
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2055-2015-12-20-22-20-34

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අය්යේ ,,,

      Delete
  9. මං දන්නා තරමින් අම්මා අමා අමොද කරුණා නිධානේ ලියුවේ ප්‍රේමකීර්ති.. වටින ලිපියක්..!

    ReplyDelete
    Replies
    1. වැසි මමත් කලින් හිතාගෙන හිටියේ එහෙම තමයි ..නමුත් ඇලෝයිගේ ‘මධුර භාෂිණී’කියන පොතේ සඳහන් වෙනවා මේ ගීතය ඇලෝයිගේ කියලා .ඇලෝයිගේ ගීත බොහොමයක් වෙනත් පද රචකයිගේ නම් වලින් පළවූ නිසා ලොකුම අසාධාරනෙකට ලක්වූ කළා කරුවෙක් තමයි ඇලෝයි ....මේ ගැන ජෝජ් රොබින්සන් සිළුමිණ රසඳුනේ ලිපියක් පවා පලකලා ...
      බොහොම ස්තුතියි ඔබට ..
      ජයවේවා !!!

      මෙන්න බලන්න ...

      එක ගීතයයි, රචකයෝ දෙතුන් දෙනයි
      මේ බුද්ධිමය දේපළ අයිතිය කාටද

      Delete
  10. හොඳ ලිපියක් සිංදු.මේ ගීත රචකයාව දන්න අය අද නැති තරම්.එහෙම කාලෙක ඔහුගේ සුමධුර ගීත නැවත මතක් කිරීම ගැන හරිම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. //මේ ගීත රචකයාව දන්න අය අද නැති තරම්//
      +++++++++++++++++++++++++++++++++++++++
      සම්පුර්ණ ඇත්ත අය්යේ ....
      බොහොම ස්තුතියි ..
      ජයවේවා !!!

      Delete
  11. උඹ නං පුතා සිංහල සිංදු වලට විකිපීඩියාවක් හදන්නෙ... පට්ට වැඩක් බං. ගොඩක් නිවේදකයො පවා මේ රචකයා ගැන දන් නෑ. වෙන වෙන නං කියන්නෙ. සිළුමිණේ ආටිකල් එකකුත් ගියා ඒ ගැන. ඒක සිංදු අ‍ැනේ කියල පොරක් ෆේස්බුක් එකේ දාල තිබ්බ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ .....මමත් හිතාගෙන ඉන්නේ බුකියේ පදිංචි වෙන්න ...හැක් හැක්

      Delete
    2. ඒක තමයි බං.

      ෆේස්බුක් එකේ පදිංචි වෙන්න එපා. ගොඩක් උංට ෆේස්බුක් යන්ඩ දෙන්නෑ ඇඩිමින් පෙරේතයො...

      Delete
    3. බොලොග් වලත් දැන් කියවන්න බලන්න දෙයක් නැතිකොට එතනට ගිහින් ඕපාදුපයක් කියවන එක හොදයි කියලා හිතෙනවා මචෝ ....

      Delete
  12. අපේ සින්දු පුස්තකාලෙට ජයවේවා

    ReplyDelete
  13. මේ මනුස්සයා ලියල තියෙන සින්දු ගොඩක් ඒවා මමත් ආස කරන ඒවා...
    ස්තුතියි මචං දැනුවත් කිරීමට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු ...
      ජයවේවා !!!

      Delete
  14. සින්දුවෝ.............. අැත්තට ම හරිම අාසාවෙන් අහපු නමුත් කාගේදැයි නොදන්නා ගීත බොහොමයක් මෙතැන තියෙනවා..... ඔබ මේ කරන්නා වූ වැඩේ ඉතා වටිනවා.... මේ ගේය පද රචකයන් ගැන අපිට අායෙම මතක් කරලා දෙනවා... මේ අය බොහොමයක් තාම අපි අතර ඉන්නවා.... ඒත් අසරණ වෙලා කොන් වෙලා..... මැරුණම ප්‍රවෘත්ති වලට කිව්වා ම තමා අපි දැනගන්නේ..... මේ සත්කාර්යට ස්තූතියි සින්දුවෝ.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුට්ටෝ ....දැන් මචෝ මැරුණම වත් වැඩිය ප්‍රචාරයක් නැ ..මෑතකදී අපෙන් වෙන්වුන "සුනිල් හෙට්ටිආරච්චි" ගැන ,දයා අල්විස් ගැන අඩුම තරමින් විනාඩි 15ක වැඩසටහනක් කරන්න මේ මාධ්‍යට බැරි වුනා ..ඒ වුනාට අර එහෙටත් නැති මෙහෙටත් නැති සුකිරි බටිල්ලන් ගෙනල්ලා ලංකාවේ අගනුවරයි ,නිදහස ලැබුන දවසයි ,උන්ට මාස් ශුද්ධිය හැදෙන ඒවානම් හැම එකම කියන්න පුළුවන් ..

      Delete
  15. මේ තරම් අහලා පුරුදු සින්දු ගොඩක රචකයා නොදැන හිටීම ගැන මටම ලැජ්ජයි බං. ඇත්තටම සින්දුවක් කීවාම ඒක රෙජිස්ටර් වෙන්නෙ ගායකයා නමින්. ගායකයා කියන්නෙ ගීතයේ කලත්‍රයා විතරයි. ගීතයක මව වෙන්නෙ ගීත රචකයා.

    ReplyDelete
    Replies
    1. අර ප්‍රා ආවොත් අහයි උඹෙන් එතකොට කවුද පියා කියලා ...හැක් හැක්
      උඹ නොදැන හිටියා කියන එක විස්වාස කරන්න බැ මචෝ ...
      ජයවේවා !!
      (පත්තරයා උඹට මේල්ලුවක් දැම්මා කිව්වා ...බලාපිය..යකෝ මුන්ට මේල් දාලා කියන්නත් ඕනෑ )

      Delete
  16. ඇලෝයි ගුනවර්ධන මහත්තයාගෙ නම අහල තිබුනට එතුමගෙ නිර්මාණ මොනවද කියන්න මං දැනගෙන උන්නෙ නෑ.. මේ වගේ විස්මකර්මයෙක් කියල දැනගත්තෙ අවංකවම මේ ලිපියෙන් උඹ නිසා.අපි සිංදුවක් කියද්දි අල්ලන් නම්බර් බර ගානක් මෙතන තියනවා..මේ මනුස්සයට ඒ පිනම ඇති බං.. !!!!

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මේ මිනිස්සු ගැන විස්තර බලෙන්ම දැන් ඉන්න එවුන් වහන් කරනවා කියලා , මොකද ඒ මිනිසුන් ගේ නිර්මාණත් එක්ක බලද්දී දැන් මොනාද නිර්මාණය වෙන්නේ කියලා ලජ්ජා නිසා ..
      බොහොම ස්තුතියි මචෝ උඹ ලබා දෙන නිහඬ සහයෝගයට ..
      ජයවේවා !!!

      Delete
  17. ඇත්තටම අපේ නොලැබීමද නැත්නම් නරක කමද මන්දා මේ රචකයා ගැන නම් දැනගත්තේ සින්දු ගෙන්.
    තෑන්කුස් සින්දු ඊගාව පරම්පරාවවත් හරියට දැන ගනී ඔයාලා නිසා

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ ඇත එකෙක් හරි මේ ගැන දැනගන්නවා නම් ඒක තමයි මගෙත් සතුට ..
      ස්තුතියි සබරේ ..
      ජයවේවා !!!

      Delete
  18. සිංදුවා... හැමදාම කියන එක පුනපුනා කියන්න යන්නෙ නෑ.. මම මේ සීරියස් කියන්නෙ.. තව මේ වගේ ඒව හොයල දාල පොතක් එලියට දාපං.. දැන් ඉන්න එවුන්ට මෙහෙමත් මිනිස්සු හිටිය කියල පේන්න.. රිඟින් ටෝන් වලට සින්දු ලියන , එව්වයින් කෝටිපති වෙච්ච එවුන් ඉන්න රටේ මේ මිනිස්සු මැණික්..

    ReplyDelete
    Replies
    1. //රිඟින් ටෝන් වලට සින්දු ලියන , එව්වයින් කෝටිපති වෙච්ච එවුන් ඉන්න රටේ මේ මිනිස්සු මැණික්//++++++++++++++++++++
      සජ්ජෝ උඹ දැක්කද මන්දා මේ ලඟදි පත්තරේක දැක්කා රිඟින් ටෝන් සින්දුවක් ලියලා BMW එකක් ගත්ත එකෙක් ගැන ..ඇඹිලිපිටිය පැත්තේ එකෙක් ...

      Delete
    2. ඔහොම එකෙක් හෙන පොර ටෝක් ටිකක් දීල තිබ්බ දැක්ක පත්තරේක. ඔය කියන එකාද දන්නෙ නෑ...

      Delete
  19. ඇලෝයි ගැන දන්නනව ඒ තරං නෙව මචං කෝමත් පායා ඇයි සිංදුව ඇලෝයි ගෙ කියල දන්නෙම නෑ
    බෙග් මාස්ටර්ගෙ සිංදු හිංද තමා ඇලොයි ගැන දැනගත්තෙ...
    බොහොම ස්තූතියි සිංදුවො මේ විස්තරේට ඒ විතරක් නෙවී උඹේ මහන්සියටත්...
    මැණික් අතර මැණික්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ කාලෙකින් මේ පැත්තට ගොඩ වුනාට ...දැන් බොරු බිසිය ඉවරද උඹේ ?....

      Delete
  20. Sindhu Ano, post eka kiyawala comment karanna adhahas karapu dhewal godaak ayage comments wala liyawela, api thaamath aadare karana watinaa sindhu tikak, habai man dana gaththeth sindu tika kaageda kiyalanam me post eken thamaa. good work...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙනෙරත් ....ජයවේවා !!!

      Delete
  21. ජෝතිලට සින්දු ලියන්න කවුරුත් ඉදිරිපත් නොවුන මුල් කාලෙ ඇලෝයි තමයිලු අත දීල තියෙන්නෙ. ඇත්තටම අසාධාරණයක් උන් මිනිහෙක්. මනුස්සයගෙ පසු පරම්පරාවෙ නොසැලකිල්ලත් ඒකට හේතුවෙන්න ඇති.

    බොහොම වටිනව උඹ මේ අය ගැන සිංහලෙන් සයිබර් අවකාෂය පිරවීම.

    මේ නම්, සින්දු ටැග් ලයින් එහෙක දාල නෑ නේද? එහෙම දැම්මනම් සර්ච් කරන උන්ට පහසුයි.

    ReplyDelete
    Replies
    1. අම්මේ ඇති යන්තං සිංහයා අවදි වෙලා ....මමත් ඔය කතාව අහලා තියනවා ඉන්දික අය්යේ ...
      //මේ නම්, සින්දු ටැග් ලයින් එහෙක දාල නෑ නේද?//නම් ටික නම් දාලා තියෙන්නේ ...සිංදුවල දාන්න ක්‍රමයක් දන්නේ නැ ...

      Delete